ධනුෂ්ගේ ‘කොළවරි ඩී’ ගීතය හින්දි බසින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොවපුරා අතිශය ජනප්‍රිය වූ දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් ගයන ‘කොළවරි ඩී’ ගීතය හින්දි බසින් මේ වනවිට නිර්මාණය වෙමින් පවති. ඒ ආර්. රහමන්ගේ සංගීතයට මෙසේ මෙම ගීතය නිර්මාණය වී ඇත්තේ ආනන්ද එල් රායි විසින් අධ්‍යක්ෂණය කරන ‘අතිරංගි රේ’ හින්දි චිත්‍රපටය සඳහාය.
ලබන වසරේ පෙබරවරි 14 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති මෙම චිත්‍රපටයේ ධනුෂ් සමගින් සාරා අලී ඛාන් හා සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමර් රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට සියයට අනූවක් අවසන්ව තිබෙන බව සඳහන් වෙයි.
 
20201105Danush (1) 20201105Danush (2)