ධනුෂ්ගේ අලුත්ම චිත්රපටය
ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටයක් ඔක්තෝබර් 04 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ‘අසුරන්’ ලෙස නම් කර ඇති මෙම චිත්රපටය ක්රියාදාම ලේබලය යටතේ නිර්මාණය වී ඇති චිත්රපටයකි. ධනුෂ්, මංජු වොරියර්, ප්රකාශ් රාජ්, බලාජි ශිවකාන්තිවෙල්, පසුපති, සුබ්රමනියම් ශිවා, යෝගි බාබු ඇතුළු නළුනිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර, චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ වෙට්ටිරාමන් විසිනි. ඉන්දීය රුපියල් කෝටි 60ක වියදමින් තැනුණ ‘අසුරන්’ චිත්රපටය මේ වසරේ ඉහළ පිරිවැයක් දරා නිර්මාණය කළ දකුණු ඉන්දීය චිත්රපටයක්ද වෙයි.
සිනමා විචාරකයන් පවසන්නේ ධනුෂ් මීට පෙර රංගනයෙන් දායක වූ ‘වෙදා චෙන්නායි’ චිත්රපටයට බොහෝ සෙයින් සමානකමක් මෙම චිත්රපටයේ ඇති බවය.