ධනුෂ් උපන්දිනදා අලුත් වැඩක
දකුණු ඉන්දීය සිනමාවේ වර්තමානයේ සිටින දක්ෂතම රංගන ශිල්පියෙකු වන ධනුෂ්ගේ 35 වැනි උපන්දිනය ජුලි 28 වැනිදාට යෙදී ඇත. එදින ඔහු අලුත් චිත්රපටයක රූපගත කිරීම් කටයුත්තකට සහභාගි වීමට මේ වනවිට තිරණය කර ඇති අතර, ඒ ධනුෂ් රංගනයෙන් දායක වූ චිත්රපට කිහිපයක්ම අධ්යක්ෂණය කළ වෙට්ටිමාරන්ගේ අලුත්ම චිත්රපටය සඳහාය. ධනුෂ් මෙම චිත්රපටයේ ද්විත්ව චරිත නිරූපණය කරන අතර, ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නිළි ස්නෙහා හා නවක නිළි මීරේන් ප්රිසාදා දෙදෙනාය. මීට පෙර ධනුෂ් ස්නෙහා සමගින් චිත්රපට කිහිපයකම රංගනයෙන් දායක වී ඇතිමුත්, මීරේන් සමග වැඩ කරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.