දේශපාලනයේ අනියම් බිරිඳ වූ 'ආදිති'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-04-24-ent-02

ඉන්දියානු සිනමාව තුළ නිර්මාණය වන බොහෝ නිර්මාණයන් සෘජුව හෝ වක්‍ර ආකාරයට දේශපාලනයට යම් කිසි පහරක් එල්ල කරනු ලබයි. එවැනි දේශපාලනිකව නිර්මාණය මෙම බොලිවුඩ් සිනමා කර්මාන්තයට බොහෝ බලපෑම් එල්ල වනබව ඉන්දියානු මාධ්‍ය තුලින් අනාවරණය කරනු ලබයි. එවැනි ආකාරයේ මේ දිනවල වඩාත් බලපෑමට ලක්වන අධ්‍යක්ෂකවරයෙකු පිළිබඳව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. සුධීර් මිෂ්රා වන අධ්‍යක්ෂකවරයාට පසුගිය දිනවල බලැපෑම් ඇතිවූයේ අද දිනයේදී (20දා) එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටයක් හේතුවෙනි. Daas Dev නම් මෙම චිත්‍රපටය දේශපාලන ක්‍රමයට ඉහලින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ. මේ කාරණාව හේතුවෙන් මෙම චිත්‍රපට පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවිය. දේශපාලඥයන් පිළිබඳව අවධිමත් ලෙස කතාබහට ලක්වෙන්, ඔවුන්ගේ අනියම් සම්බන්ධතා පිළිබඳව ගෙන හැර දක්වන මෙම චිත්‍රපට ලැබෙන බලපෑම බොහෝ බවයි සඳහන් වන්නේ. කෙසේවූවත් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළුනිළියන් නවක ශිල්පීන් වෙයි. ඔවුන් විසින් මෙම චිත්‍රපටයට කොතෙකුත් සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ යන කාරණාව අද (20දා) තිරගත වීමත් සමගින් දැක බලා ගැනීමට හැකියාව තිබේ.2018-04-24-ent-01

මෙහි ප්‍රධාන චරිතය හැඩ කරන රංගන ශිල්පිණියක් පිලිබඳව මේ දිනවල කතා බහට ලක්ව තිබේ. ඇය නමින් ආදිති රාඕ හයිදරි වෙයි. 2017 වසරේ මැය ගැන කතා බහට ලක්වූයේ සන්ජේ දත් රංගනයෙන් දායක වූ ‘භූමි’ චිත්‍රපටය හේතුවෙනි. 2006 වර්ෂයේදී රංගනයට පිවිසි ඇයගේ පලමු රංගනය වන්නේ, Prajapathi නම් මලයාලම් චිත්‍රපටය හරහාය. ඒ ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණයයි. ඉන්පසු ඇය දෙවැනි චිත්‍රපටය සඳහා රංගන වරම් හිමිවන්නේ මලයාලම් චිත්‍රපටයක් සඳහාය. ඒ ‘Sringaram’ චිත්‍රපටයයි. 2008 වර්ෂයේදී ඇය බොලිවුඩ් සිනමාවට පා තැබීමට අවස්ථාව උදාවන්නේ Delhi 6 නම් චිත්‍රපටය සමගිනි. ඇය එතෙක් රංගනයෙන් දායක වූ චිත්‍රපටය සඳහා දායක වූයේ අතුරු චරිතයන් ඔස්සේය. ඉන්පසු ඇය 2009 වර්ෂයේදී දායක වූ ‘Yeh Saali Zindagi’ චිත්‍රපටය ඔස්සේ සම්මානයක් සඳහාද පාත්‍ර වීමේ අවස්ථාව හිමිවිය.

2010 වර්ෂයේදී ඇයට කිසිඳු චිත්‍රපටයක් සඳහා රංගන වරම් හිමි නොවූ බව සඳහන් වෙයි. ඒ කාරණාව කෙසේවූවත්, ඇයට 2011 තිරගත වූ Rockstar චිත්‍රපටය සඳහා දායක විය. 2012 වර්ෂයෙදී දායක වූ චිත්‍රපටයත් ප්‍රධාන චරිතයක් පණ පෙවීමට අවස්ථාව නොලැබූ අතර, 2013 වර්ෂයේදී තිරගත වූ Murder 03 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කිරීමේ වාසනාව ඇයට හිමිවිය. ඉන්පසු ඇයගේ රංගත ජීවිතය වෙනස් පැතිකඩක් නිර්මාණය වූ බව ඇය සඳහන් කරයි. ඉන්පසු ඇය චිත්‍රපටය 5ක් සඳහා දායක විය.

2016 වසරේ තිරගතවූ චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනෙකු කතාබහ කරනු ලැබීය. විශිෂ්ඨ නළුවෙකු වන අමිතාබ් බච්චන් සමග රංගනයෙන් දායක වීමට වරම් ලැබෙන්නේ ‘Wazir’ චිත්‍රපටය හරහාය. එම වසරේදී අති සාර්ථක ලෙස තිරගත වු ‘වසීර්’ චිත්‍රපටයේ ‘රුහානා අලී’ ලෙස රඟපෑ සුරූපී අාදිති රාඕ රඟන දමිල චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තිබුණත් එය තිරගත නොවුන බව සඳහන් වෙයි. ‘කත්රු වෙලියුදායි’ නම් වු අදිති රඟන දායක වූ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු වන මනිරත්නම් විසින්ය. මෙය අදිති රංගනයෙන් දායක වන දෙවැනි දමිල සිනමා නිර්මාණයද වීම විශේෂත්වයකි. අදිති සමගින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ සුර්යාගේ සොහොයුරා වන කර්ති ශිවකුමාර්ය. රහමන් විසින් සංගීතය අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කොටගෙන නිර්මාණය කර ඇති බව සඳහන් වේ. නමුත් මෙම චිත්‍රපටය කල් යාමේ හේතුවක් එකල සඳහන් නොකරන ලදී.

2017 වර්ෂය ඇයගේ ජීවතය වෙනස් කරනු ලබන චිත්‍රපටයක් එළිදැක්විය. ඒ ‘Bhoomi’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන රංගනය පණ පෙවූ ඇය එම චිත්‍රපට ඔස්සේ සම්මාන සඳහාද නිර්දේශ විය. ඊට අමතරව ඉන්දියානු සිනමාවේ පෙරලියක් ඇති කරනු ලැබූ චිත්‍රපටයක් වන ‘පද්මාවත්’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් ගෙන දැක්වීමට ඇයට අවස්ථාව උදා විය. එම චිත්‍රපටයෙන් පසුව මෙම වසරේ ඇය රංගනයෙන් දායක වන චිත්‍රපට දෙකක් එළිදැක්වීමට නියමිතව තිබේ. නවක ශිල්පිණියක් ලෙස රංගනයට ප්‍රවිශ්ඨ වූ ඇයගේ රංගනය මේවනවිට ඉන්දියානු සිනමාවේ වෙනත් පැතිකඩක් විවර කරනු ලැබූ බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.