'දේවි' දෙවැන්නක් නිර්මාණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-27-ent-01

ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වූ ‘දේවි’ දමිල චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ වනවිට තිරණය කර ඇත. ‘දේවි’ ලෙස දමිල භාෂාවෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වූවද හින්දි භාෂාවෙන් මෙම නිර්මාණය වූයේ ‘ටක් ටික් ටොක්’ ලෙසය.

ප්‍රභුදේවා හා තමන්නා භාටියා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය වඩා සාර්ථක වූයේ දමිල චිත්‍රපටය ‘දේවි’ එය ඉන්දීය රුපියල් කෝටි 100කට අධික ප්‍රමාණයක් උපයා ගන්නට සමත් විය. ප්‍රභුදේවා මෙම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, තමන්නා තවමත් මෙහි කාන්තා ප්‍රධාන චරිතයට තෝරා ගෙන නොමැති බව සඳහන් වේ. කෙසේ වෙතත්, නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම චිත්‍රපටයට නවක නිළියක් හඳුන්වා දෙන්නට නිෂ්පාදක කණ්ඩායම සූදානම් වන බවය.