දෙසැම්බර් සෑම විටම මගේ ප්‍රියතම මාසයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාරා අලි ඛාන්හට දෙසැම්බර් මාසය අතිශයෙන්ම විශේෂයි. මේ වසරේ දෙසැම්බර් මාසයේදීත් සැබවින්ම සතුට හා ධනාත්මක බව පැතිරවීමට උදවු කළ හැකි බව ඇය විශ්වාස කරන්නීය. සාරා අලි ඛාන් බොලිවුඩ් සිනමාවට පිවිසියේ සුෂාන්ත් සිං රාජ්පුත් සමඟ 'කේදර්නාත්' චිත්‍රපටයෙනි.

නමුත් ඇයගේ පළමු චිත්‍රපටය වූයේ රන්වීර් සිං සමඟ රඟපෑ රෝහිත් ෂෙට්ටිගේ 'සිම්බා' චිත්‍රපටයයි. එම චිත්‍රපට දෙකම නිකුත් වූයේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීයි. මේ වසරේ දෙසැම්බර් 25 වන දින තිරගත වීමට නියමිත 'කූලි නම්බර් 1' චිත්‍රපටය තුළින් ද ඇය ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානම්ව සිටී.

මේ පුවත බෙදා ගනිමින් සාරා පැවසුවේ, "දෙසැම්බර් සෑම විටම මගේ ප්‍රියතම මාසයයි. මගේ ළමා කාලයේ සිට නත්තල් ගස්, සුරංගනා පහන් සහ සතුටු සැමරුම් සෑම විටම මා උද්දීපනය කළා. වෘත්තීමය වශයෙන්, මගේ පළමු චිත්‍රපටය වන 'කේදර්නාත්' සහ 'සිම්බා' යන චිත්‍රපට දෙකම 2018 දෙසැම්බරයේ නිකුත් වූ නිසාත් එය මට අතිශයෙන්ම සුවිශේෂී මාසයක් " බවයි.

මේ හැරුණු විට සාරා ධනුෂ් සහ අක්ෂේ කුමාර් සමඟ 'අත්‍රංගි රේ' චිත්‍රපටයේ රංලනයට එක් වී සිටී. ඇය මේ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් කරමින් සිටින්නේ නව සාමාන්‍යය මධ්‍යයේ ය. 'අත්‍රංගි රේ' කණ්ඩායම අවසාන කොටස් සඳහා රූගත කිරීම් ආරම්භ කර ඇත.

20201215Sara (1) 20201215Sara (2) 20201215Sara (3) 20201215Sara (4) 20201215Sara (5) 20201215Sara (6)