දෙවියන්ටත් බය නැති සෝනාක්ෂි
මේ දිනවල සෝනාක්ෂි සිංහ චිත්‍රපටි නිළියක පමණක් නොව ඕම් ශාන්ති ඕම් රියැලිටි වැඩ සටහනේ විනිශ්චය ම`ඩුල්ලේ සාමාජිකාවක වීම නිසාත් කාර්යබහුල වී සිටින්නීය. ඇගේ රගපෑම් ගැන මෙන්ම ආගමික නැඹුරුව ගැන දැන ගන්නටත් රසිකයන් කැමතිය. ඇය ප්‍රසිද්ධව සිටින්නේ ආගම ගැන වැඩි උනන්දුවක් නැති නිළියක ලෙසිනි.
‘‘මම නිතර දෙවේලේ පූජනීය ස්ථානවලට යන කෙනෙක් නෙමෙයි කියන එක ඇත්ත.. ඒකෙන් අදහස් වෙන්නෙ මම ආගම දහමට ගරු නොකරන කෙනෙක් කියන එක නෙමෙයි.. මගේ තාත්තා කියලා තියෙන්නෙ දෙවියන් වැඩ ඉන්නෙ අපේ හිත්වල කියලා.. අපි හිත් පිරිසිදුව තියාගෙන ඉනන්වා නම් අපේ ආරාධනයක් නැතුවම දෙවියො එතෙන්ට වඩිනවා.. තුන් තිස් පැයේම කෝවිලේ හිටියත් හිත පිරිසිදු නැත්නම් දෙවියන්ගෙ පිහිට ලැබෙන්නෙ නෑ..’’ සෝනාක්ෂි කියන්නීය.
ඇගේ මව පූනාම් සිංහ බැතිමත් තැනැත්තියකි. ඇය සිය ජීවිතය දෙවියන් වෙනුවෙන්ම කැප කර ඇත්තාක් මෙනි. ඇය දෙවියන් වෙනුවෙන් කෙරෙන පූජා, වතාවත් ආදිය නොවරදවාම ඉටු කරන්නේ සිය දරුවන්ට හා පවුලේ අයට යහපතක්ම ප්‍රාර්ථනා කරමිනි.
‘‘මම ඉගෙන ගත්තේ ආර්ය සමාජ් ඉස්කෝලෙක.. අපිට සංස්කෘත, රාමායනය, මහා භාරතය වගේ විෂයයන් තමයි ඉස්කෝලේ ඉගැන්නුවේ.. කොච්චර ඒ දේවල් ඉගෙන ගත්තත් සමහර වෙලාවට හැමදේම පිළිපදින්න පුළුවන්කමක් නෑ.. නවරාති්ර පුජාව දවසේ අනිත් අය උපවාස කරනවා.. ඒත් මම එහෙම කළේ නෑ.. අපේ ගෙදර පුංචි කෝවිලක් තියෙනවා.. අපි නවරාති්ර පූජාවට අදාළ හැම දෙයක්ම කළේ ඒ කෝවිලේදී..’’
සෝනාක්ෂී සිංහ කියන්නීය.
‘‘අපිට හැම වෙලාවෙම පූජනීය ස්ථානවලට ගිහින් දෙවියන් ව`දින්න වුවමනා නෑ.. භාවනා කරනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා දෙවියොයි අපියි අතරේ තියෙන බැ`දීම කොයි වගේ ද කියලා.. සංගීතය කියන්නෙත් දෙවියන්ට ළං විය හැකි තවත් පහසු මාර්ගයක්..’’
ජනපි‍්‍රය නළුවකු වූ ශත්රුගන් සිංහ හා නිළි පූනාම් ගේ දියණිය ලෙසින් සෝනාක්ෂි උපත ලද්දේ 1987 ජූලි 2 දාය. එස් එන් ඞී ටී කාන්තා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඇය ඇදුම් නිර්මාණ ශිල්පිනියක ලෙස සිනමා ක්ෂේත්රයට පා තැබුවාය. ඇය නිළියක වූයේ ඩබාන්ග් චිත්‍රපටියෙනි. සිය ප්‍රථම චිත්‍රපටියෙන්ම ොහ`දම නවක නිළිය සම්මානයට නිර්දේශ වෙන්නට තරම් ඇය වාසනාවන්ත වූවාය. රවුඩි රතෝරේ, ඩබාන්ග් 2, හොලිඬේ, එ සෝල්ජර් නෙවර් ඕෆ් ඩියුටි, ලූතෙරා ඇගේ දස්කම් විදහා දැක්වුණ තවත් චිත්‍රපටි කිහිපයකි. හිම්මත්වාලා, ඇක්ෂන් ජැක්සන්, බොස්, බුලට් රාජා, අකිරා, ර්..රාජ් කුමාර් ආදි චිත්‍රපටි රැසක ර`ග පෑ ඇය මේ දිනවල ර`ග පාන්නේ සර්කස් චිත්රපටියේය.