දෙවැනි නොවන විවාහයකට සැරසෙන ප්රියංකා
රන්වීර් හා දිපීකාගේ විවාහය සිදු වී උණුසුම යන්නට මත්තෙන් තවත් සුපිරි විවාහයක් බොලිවුඩයේ පැවැත්වීමට නියමිතව ඇත. ඒ සුපිරි නිළි ප්රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් දෙදෙනාගේය. මේ වනවිටත් මෙම විවාහයේ වැඩ කටයුතු සිදුවෙමින් පවතින අතර, විවාහය දෙසැම්බර් 02 වැනිදා ක්රිස්තානු ක්රමයට පැවැත්වීමට නියමිතව ඇත.
මේ දින ආරධිත අමුත්තන් 1500ත් 2000ත් අතර ප්රමාණයකට ආරාධනා කර ඇති බවට තොරතුරු වාර්තාවන අතර, හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළුනිළියන්ද ඒ අතර සිටින බව සඳහන් වේ. නිල නොළත් ආරංච් මාර්ග සඳහන් කර සිටින්නේ හොලිවුඩ් සුපිරි නළු ඩිවොන් ජොන්සන්, ලීමා හෙම්ස්වර්ත් වැන්නන්ද මේ සඳහා සහභාගි වීමට නියමිතය.