දෙවැනි අධ්යක්ෂණය අත්හැර දැමු ධනුෂ්
දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් බවට පත්ව සිටින ධනුෂ් මේ වනවිට සිය දෙවැනි සිනමා අධ්යක්ෂණය අත්හැර දමා තිබේ. ‘නාන් රුද්රාන්’ නම් වූ මෙම චිත්රපටය ධනුෂ් විසින් කාලයක් තිස්සේ සැළසුම් කර චිත්රපටයකි. මෙම චිත්රපටය මීට වසර 600ක් ඈත ඉතිහාසයක සිදුවු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් වන අතර, ධනුෂ් මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නට ඔහුගේ සමිපතමයෙකු වන සිනමා අධ්යක්ෂක සේලවාරගවන්ගෙන් මේ වනවිට ඉල්ලීම් කර ඇත.
කෙසේ වෙතත්, මෙම චිත්රපටයේ වැඩ කටයුතු තවමත් ආරම්භ වන දිනය සඳහන් කර නොමැති බව වාර්තා වේ. ධනුෂ්ගේ සමීපතමයන් පවසන්නේ ‘කොවිඩ් 19’ වෛයිරසය පහව ගිය දිනයක මෙම චිත්රපටයේ වැඩ කටයුතු අරඹන්නට සැළසුම් කර තිබෙන බවය.