‘දංගල්’ හා ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්රපටවල දුටු සුරූපි ෆාතිමා සානා රංගනයෙන් දායක වෙන චිත්රපට දෙකක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව වාර්තා වෙයි. ඇය මෙසේ සිනමා නිර්මාණයක් හරහා දකින්නට ලැබෙන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි.
නොවැම්බර් 12 වැනිදා ඇය රංගනයෙන් දායක වුණ අනුරාග් බාසුගේ ‘ලුඩෝ’ චිත්රපටයද, නොවැම්බර් මස 15 වැනිදා අභිෂේක් වර්මාගේ ‘සුරාජ් පේ මංගල් බාරි’ චිත්රපටයද අන්තර්ජාලය තුළ ප්රදර්ශනය කර තිබේ. මෙම චිත්රපට ද්විත්වයේම ඇය ප්රධාන චරිත නිරූපණය කිරිම විශේෂත්වයකි.