දෙවසරකට පසුව එන රිතික්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-289

2017 වසරේ තිරගත වූ ‘කාබිල්’ චිත්‍රපටයෙන් පසුව රිතික් රෝෂන් සිය රසික පිරිස් මුණ ගැසෙන ‘සුපර් 30’ චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය. ඉන්දියාවෙන් බිහිවු ප්‍රකට ගණිතඥයෙකු වන ආනන්ද කුමාර්ගේ ජීවිත කතාව අලලා සැකසුණ මෙම චිත්‍රපටයේ රිතික් රෝෂන් හා නවක නිළි මිරිනල් ඨාකුර් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙයි.

තිරගත වූ පළමු දිනයේදී ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය මේ වනවිට සිය වියම් මුදල ආවරණය කරගනිමින් සිටින බව සඳහන් වේ. සිනමා විචාරකයන් පවසන්නේ රිතික් රෝෂන් දෙවරසකට පසුව සිය රසික පිරිස් මුණ ගැසෙන නිසාවෙන් මෙය සාර්ථක චිත්‍රපටයක් වනු ඇති බවට ඉඟිපළ කළ හැකි බවය.