දෙවන විවාහ සංවත්සරය සමරමින් බොලිවුඩ් නිළි ප්‍රියංකා ගැන නික් පැවසු කතාව
නික් ජෝනාස් සහ ප්‍රියංකා චොප්රා කියන්නේ කාගේත් අවධානයට පත්වූ ආදරණිය යුවළක්. මෑතකදී දෙවැනි විවාහ සංවත්සරය සැමරූ මෙම ආදරණිය යුවළගේ යුග ජීවිතය වෙනුවෙන් බොහෝ දෙනාගේ ආශීර්වාදය ලැබී තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
එමෙන්ම මෙම ආදරණිය යුවළ December 1 වන දිනට යෙදුණු ඔවුන්ගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් ජෝද්පූර් හි 2018 දී ගත් ඔවුන්ගේ විවාහ උත්සවයේ පින්තූරද පල කර තිබුණා.
එසේම තම ආදරණිය බිරිඳ ප්‍රියංකා චොප්රා ගැන ආදරණිය නික් පවසා තිබුනේ මෙවන් අදහසක්.
" සාම්ප්‍රදායික හින්දු විවාහ මංගල්‍යය, ප්‍රියංකා චොප්රාගේ මව් රටේදී විවාහ වීමට ලැබීම මට මහත් ගෞරවයක්. මම කොතරම් වාසනාවන්තද, කාලය කෙතරම් ඉක්මණින් ගෙවී ගොස් ඇත්දැයි මට විශ්වාස කළ නොහැක" යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් බොලිවුඩ් නිලි ප්‍රියංකා ද නික් ගැන පවසා තිබුනේ මෙවන් අදහසක්,
"මගේ සැබෑ ජීවිතය බොලිවුඩ් වීරයා! මම ඔබට ආදරෙයි " යනුවෙනි.