දෙවන වරටත් මව් පදවිය ලැබූ බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි පැවසු දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ සිටින දක්ෂතම මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශිල්පා ශෙට්ටි කියන්නේ. මේ වන විට දරුවන් දෙදෙනකුගේ මවක් බවට පත්ව සිටින ඇය දෙවන වරටත් මව් පදවියට පත්වුයේ මෙම වසරේදිය.

ඒ තම  ආදරණිය දියණිය වූ Samisha තම සොදුරු කැදැල්ලට ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබමින්. මේ වන විට වයස අවුරුදු 8 වියෙහි පසුවන තම පුතු වන Viaan සහ දියණිය Samisha ට ආදරණිය මවක් වූ ශිල්පා තමන් මව් පදවියට ලක්වූ අවස්ථාව ගැන පවසා තිබුණේ මෙවන් අදහසක් .

" ඇත්තටම මගේ පුතු Viaan කුඩා කාලයේදී අපි ගොඩක් සැලකිලිමත්ව වැඩ කළා .Viaan  හම්බවෙනකොට මම ගොඩක් වගකීමෙන් වැඩ කටයුතු කළා .මොකද ඒ කාලේ  මට මවක් වීම පිලිබදව ලොකු දැනුමක් තිබුනේ නැහැ .දෙවෙනි වතාවට Samisha ලැබෙනකොට මට කලින් අවස්ථාවේ තිබුණු  අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා. ඒවගේම තමයි දෙමවුපියන් වශයෙන් දරුවන්ට කල යුතු සෑම වගකිමක්ම අපි නිවැරදි ආකාරයට ඉටු කලා. "

"  මීට වසර 10 කට පෙරදී මගේ ජිවිතයේ වැදගත් කඩයිම් හැමදෙයකටම යෝගා ව්‍යායාම කිරීම මට ලොකු පහසුවක් වුණා .මට මතකයි Viaan ලැබෙනකොට මම පළමු වරට තමයි ඒ අත්දැකීමට මුහුණ දුන්නේ. එවෙලාවේ මට බයක් වගේම දුෂ්කර සිදුවීම් රැසකට මට මුහුණ දෙන්න සිදුවුණා. නමුත්  මම කුමන අවස්ථාවකදීවත් බය වුනේ නැහැ. මම එවෙලාවේදී අනිත් අයගේ අදහස් වලට වැඩි අවධානයක් යොමු කළේ නැහැ. මම මවක් වශයෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම  ළමයි වෙනුවෙන් කළා.

මට ඇත්තටම ඕනවෙලා තිබුනේ අපේ දෙමවුපියන් අපිව හැදුව වගේ අපේ ළමයින්වත් හදාගන්න. ඒ අතර තියෙන එකම වෙනස තමයි අපි පෙරට වඩා අඩු පහසුකම් වලින් ජීවත්වීමට සිදුවීම . කොහොම වුණත්  මම මවක් වශයෙන් ඔවුන්ට ආදරය කරනවා වගේම  ඔවුන්ගේ හැම වැඩ කටයුත්තක්ම වගකීමෙන් කරන්න මට පුළුවන් උපරිම උත්සාහය දරනවා, යනුවෙනි.

ඉන්දීය මාධ්‍ය ඇසුරෙනි.

20201117Shilpa (1) 20201117Shilpa (2) 20201117Shilpa (3) 20201117Shilpa (4) 20201117Shilpa (5) 20201117Shilpa (6) 20201117Shilpa (7)