දෙරටක බැඳීමේ නිමාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-22-ent-42

අනොෂ්කා ශංකර් සහ ජෝ රයිට් ඔවුන්ගේ සත් වසරක විවාහ ජීවිතයට සමු දෙන්නට තීරණය කළ බැව් ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙය බොලිවුඞ් මෙන්ම හොලිවුඞ් සිනමා ක්ෂේත‍්‍රයේත් කැළඹිල්ලක් ඇති කරන්නට සමත් වී ඇත්තේ ඔවුන් දෙදෙනා පරිපූර්ණ යුවළක් ලෙස සියලූ දෙනාම දුටු බැවිනි.

ඉන්දියානු ශාස්ති‍්‍රය සංගීතයේ දෙව් පියා ලෙස හැ`දින්වෙන ලෝක ප‍්‍රසිද්ධ මහා සංගීතඥ රවි ශංකර්ගේ දෙවන විවාහයේ දියණිය අනොෂ්කා ශංකර් ද ඔහු මෙන්ම සිතාර් වාදනයට හපනියකි. අනොෂ්කා ඉපදෙන විට රවි ශංකර්ගේ වයස අවුරුදු 61 කි. එහෙත් තාත්තාත්, දියණියත් එකිනෙකාට බැ`දී සිටියේ පුදුමාකාර අන්දමිනි. අවුරුදු හතේ සිටම ඇය තාත්තාගෙන් සිතාර් වාදනය පුහුණු වූවාය. ඔවුන් දෙදෙනා එකට සංදර්ශන ද පැවැත්වූහ. අනොෂ්කාට හොලිවුඞ් චිත‍්‍රපටි අධ්‍යක්ෂ ජෝ රයිට් හමු වූයේ 2009 දී දිල්ලියේ පැවති භෝජන සංග‍්‍රහයකදීය. ප‍්‍රයිඞ් ඇන්ඞ් ප්‍රෙජුඩිස්, අටෝන්මන්ට් වැනි චිත‍්‍රපටි අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෝ රයිට් විසිනි. ඉන්දියානු යුගයක් පසුබිම් කරගෙන හොලිවුඞ් චිත‍්‍රපටියක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව ජෝ තුළ තිබිණි. ඔහු මේ චිත‍්‍රපටියට යොදාගෙන තිබු නම ඉන්දියන් සමර්ය.

‘‘ඒ චිත‍්‍රපටියේ ඉන්දිරා ගාන්ධිගේ චරිතයට මාව යොදා ගන්න ඔහුගේ අදහසක් තිබුණා.. ඔහු ඒ ස`දහා මගේ තිර පරීක්ෂණ පවා කළා.. ඒත් චිත‍්‍රපටිය කෙරුණෙ නෑ..’’ ඇය පසු කලෙක කීවාය.

චිත‍්‍රපටිය නොකෙරුණත් ඔවුන්ගේ සිත් නම් එකිනෙකාට ඇලූම් කරන්නට පටන් ගත්තේය. ඒ අනුව හමු වී තුන් මාසයක් යන්නටත් මත්තෙන් ඔවුහු එකට ජීවත් වෙන්නට පටන් ගත්හ. ඔවුන් විවාහ වුයේ 2010 දීය. එය ඉන්දියානු චාරිත‍්‍රානුකූලව පවත්වන ලද මංගලෝත්සවයක් විණි. ඔවුන් දෙදෙනාම විශ්වාස කළේ විවාහයක් යනු පෞද්ගලික කටයුත්තක් බවය. එම නිසාම මංගල උත්සවයට ඇරයුම් ලද්දේ ඥාති හිතමිත‍්‍රාදීන් සුළු පිරිසක් පමණකි. ඔවුන් සිතුම්පැතුම් අතින් එකිනෙකාට බොහෝ සෙයින් පෑහෙන බැව් සියල්ලන්ම විශ්වාස කරන්නට පටන් ගත්තේ ඒ කාලයේමය. ඔවුන් දෙදෙනාගේ එකතුව රටවල් දෙකක එකතුවක් ලෙස දුටු අය ද සිටියහ.

‘‘අපි දෙන්නත් එක්ක මහාද්වීප හතරෙම නාට්‍ය ශාලා, චිත‍්‍රපටි දර්ශන තලවල ඇවිද්දා.. ජෝට තුරුල් වෙලා හැම තැනම ඇවිදින්න, කෑම උයන්න, ගෙදර පිරිසුදු කරන්න, මම හරි කැමතියි.. ඒක සම්ප‍්‍රදායික කාන්තාවකගෙ ප‍්‍රකාශයක් තමයි.. ඒත් මං හිතන්නෙ ඒක වැරදි දෙයක් නෙමෙයි..’’ විවාහ වූ අලූත අනොෂ්කා පුවත්පත්වලට ප‍්‍රකාශ කර තිබුණේ බොහෝ සතුටිනි.

චිත‍්‍රපටි ක්ෂ්ත‍්‍රයේ විවාහයන් තුළ හැලහැප්පීම් බහුලය. එම නිසාම ඔවුහු පුවත් මවන්නන් බවට පත් වෙති. එහෙත් මේ යුවලට එසේ වූයේ නැත. පුවත්පත්වල පල වූයේ ඔවුන් පිළිබ`ද සුබ පුවත්මය. ඔවුන් පුතුන් දෙදෙනෙකුගේ මව්පියෝ වූහ. සුබින් සහ මෝහාන් යනුවෙන් මේ හුරුබුහුටි දරු දෙදෙනා නම් කරනු ලැබිණි. මේ යුවල දික්කසාද තීන්දුව දැනුම් දුන් කල ඔවුන්ට ආදරය කළ සියල්ලන්ම සසල වූයේ එහෙයිනි.

‘‘මම ඔයාට ආදරෙයි කිව්වා.. ඔයාට ඇහෙන්න ඇති මං කිව්වා ඔයා මට මදි කියලා.. ඔයා මට තදින් වැළ`ද ගන්න කිව්වා.. මට ඇහුණා ඔයා කිව්වා මාව ඔයාට මදි කියලා.. අපි එකිනෙකාට ප‍්‍රමාණවත් වෙන්නෙ කොහොමද..? අපිටමත් අපි මදි වෙලා තියෙද්දී..’’

අනොෂ්කා සමාජ වෙබ් අඩවියක එසේ සටහන් කර තිබුණේ අලූත් ගීතයක පද මාලාවක් බවට සටහනක් සම`ගිනි. දහස් ගණන් ්රසිකයන් එයට සිය අදහස් පළ කර තිබිණි. බොහෝ දෙනෙකු පවසා තිබුණේ එය ඇගේ හද ගැහෙන රිද්මයම විය යුතු බවය.

‘‘මොන දේ සිද්ද වුණත් වැටෙන්න එපා.. ඔබේ පියා වගේම ඔබත් ඉන්දියාවට ආඩම්බරයක්..’’

සමහරු එසේ ද ස`දහන් කර තිබිණි.

 

2018-01-22-ent-41