දෙමස්සිනාලාගේ චිත්රපට දෙකක් එක දවසේ
සායිෆ් අලී ඛාන් හා කුනාල් කේමු රංගනයෙන් දායක වෙන බොලිවුඩ් චිත්රපට දෙකක් එකම දිනයේදී ප්රදර්ශනය වීමට නියමිතව ඇත. ඔක්තෝබර් 11 වැනිදා තිරගත වන මෙම චිත්රපට දෙකම ත්රාසය හා භිතිය කැටවුණ අපරාධ ගනයේ චිත්රපටයක් බව සඳහන් වේ. මෙම චිත්රපට දෙක අතරින් ‘ලාල් කාප්ටන්’ චිත්රපටයේ සායිෆ් අලි ඛාන් රංගනයෙන් දායක වෙන අතර, කුනාල් කේමු ‘ලුට්කේස්’ චිත්රපටයේය. විචාරකයන් පවසන්නේ මෙම චිත්රපට දෙකම එකම ගනයේ චිත්රපට දෙකක් නිසා අසාර්ථක වීමට වැඩි ඉඩකඩක් පවතින බවය.