දීපිකාගේ විවාහයත් මේ අවුරුද්දේ?
අනුෂ්කා - විරාත් විවාහයෙන් පසුව නැවත බොලිවුඩ් සිනමාවේ විවාහ මංගල්‍යයක් පිළිබඳ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඒ රන්වීර් සිංග් සහ දීපිකා පදුකෝනිගේ විවාහයයි. බොහෝ කාලයක් පෙම්වතුන් ලෙස සිටි ඔවුන් දෙදෙනා මෙම වසරේ විවාහ වීමට සූදානම් බව සඳහන් වෙයි. පසුගිය දිනෙක රන්වීර් සිංග්ගේ දෙමාපියන් මුම්බායි නුවර පිහිට දීපිකාගේ නිවස වෙත පැමිණ ඇතැයිද වාර්තා වන අතර, ඒ හමුවීමෙන් පසු රන්වීර්ගේ පවුලේ පිරිස සහ දීපිකාගේ පවුලේ පිරිස ඉන්දියාවේ ඇති ප්‍රමඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පුවලදී දක්නට ලැබුණු බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.