දීපිකාගේ ගණන් ඉහළට
වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල් කෝටි 15ක මුදලක් අය කරන බව සඳහන් වේ. එයට හේතුව නම් ඇය පසුගිය වසරේ ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වන පද්මාවත්, සීරෝ චිත්‍රපට ඉහල ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබිමය. මෙහි සාර්ථකත්වය හේතුවෙන් ඇයගේ මිළ ගනන් ඉහළ යෑමට හේතුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබන්නේ. කෙසේ වුවත්, දිපීකාට පසුව ප්‍රියංකා චොප්රා, කරීනා කපූර් හා කංගනා රනවුත්ද චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉහළ දමා ඇත.