දීපිකාගේ ඇඳුම දීපිකාට ඕනැ විදියට...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-12-ent-88

දීපිකා පදුකෝන්ගේ ඇඳුම් මෝස්තර කොණ්ඩා විලාසිතාව ආලේපන ඇය සහභාගි වන උත්සවයට හෝ අවස්ථාවට අනුව වෙනස් වන්නේය. තැනට සුදුසු ඇඳුම තෝරා ගැනීම පිළිබඳව සමහරු ඇයට ප‍්‍රශංසා කරන අතර සමහරු දොස් පවරති. එහෙත් දීපිකා සියල්ලම බාර ගන්නේ සම සිතිනි.

‘මගේ එකම අරමුණ මගේ පෙනුම ආකර්ෂණීය කර ගැනීම විතරයි. මම අඳින පළඳින විදියට සමහරු කැමතියි. සමහරු කැමති නෑ. ඒත් ඒක මට ප‍්‍රශ්නයක් නෙමෙයි. මොකද මම අඳින්නේ මට ඕන විදියට මිසක් අනිත් අය සතුටු කරවන්න නෙමෙයි. මගේ මෝස්තර ශිල්පිනුයි මමයි කතාබහ කරලා ඒ අවස්ථාවට ගැලපෙන ඇඳුමක් නිර්මාණය කර ගන්නවා. ඒකත් හරියට චිත‍්‍රපටියක චරිතය ගැන නිෂ්පාදක කණ්ඩායම එක්ක කතා කරනවා වගේ දෙයක්’ ඇය කියන්නීය.

ඕනෑම කාන්තාවක් කැමති වන්නේ තමා සුන්දර ලෙස දිස්වෙන ආකාරයට ඇඳුම් පැළඳුම් තෝරා ගන්නටය. නිළියන්ට මේ සඳහා අමතර වෙහෙසක් දරන්නට සිදුවන්නේ ඔවුන් හැම විටම ආකර්ශණීය විය යුතු නිසාය.

‘ඇඳුමෙන් තමන්ට ලැබෙන පෙනුම, සුව පහසුව වගේම ඒ ඇඳුම ඇඳගෙන යම් අවස්ථාවකට සහභාගි වුණාම එතනට ලැබෙන අලංකාරයත් හුඟාක් වැදගත් වෙනවා. ඒ හින්දා මම අනිත් අයගේ විවේචනවලට උත්තර බඳින්න යන්නේ නෑ. ඒත් මගේ අම්මා හරි හොඳම මිතුරියක් හරි යම් දෙයක් කිව්වොත් නම් මම ඒ ඇඳුම ආයෙ කවදාවත් අඳින්නේ නෑ’. ඇය කියන්නේ සිනාමුසුවය.