දීපිකාගේ ආදරණීය නැන්දම්මා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-07-ent-126

‘‘රන්වීර් ගෙ අම්මා මට සළකන්නෙ එයාගෙම දුවට වගේ.. එක වෙලාවකට යාළුවෙකුට වගේ.. මගේ ඕනම බරපතල රහසක් එයා එක්ක කියන්න මට පුළුවන්.. එයා ඒක තේරුම් ගන්නවා.. ඒ විතරක් නෙමෙයි එයා හරි ශක්තිමත් කෙනෙක්.. ලේසියෙන් කඩා වැටෙන්නෙ නෑ.. තාත්තා නම් ඒකේ අනිත් පැත්ත.. පුංචි දේටත් ඉක්මනින් හිත රිදවා ගන්නවා..’’

දීපිකා පදුකෝන් සිය නැන්දම්මා අංජු සහ මාමණ්ඩිය ජග්ජිත් සිං භවානි ගැන එසේ පැවසුවේ බොහෝ ආදරයෙනි. එවන් යුවලකට ලේලිය වීම සිය වාසනාවයයි ඇය තව දුරටත් පැවසුවාය.

‘‘අම්මා බොහොම විනෝදකාමී කෙනෙක්.. සාදෙකට ගිහින් මුළු රැුයක් පුරාම නැටුවත් ඇය විඩාබර වෙන්නෙ නෑ..’’

ඇය කියන්නේ සිනාසෙමිනි.

‘‘අපේ පුතාට හො`දටම ගැලපෙන්නෙ දීපිකා කියලා ඒ දෙන්නගෙ සම්බන්ධය පටන් ගත්ත මුල් දවස්වලම අපි තේරුම් ගත්තා.. ඒ වගේම ඒ දෙන්නා තමන්ගෙ සම්බන්ධය ගැන මාධ්‍යවලට ප‍්‍රසිද්ධියේ කිව්වෙ නෑ.. ඒකත් අපි හු`ගාක් අගය කරන දෙයක්.. මොකද හැම වෙලාවම හැමදේම මාධ්‍යවලින් හාරා අවුස්සන්න ගත්තානම් අපි හැමෝම අපහසුවට පත් වෙන්න තිබ්බා..’’

එසේ පවසන්නේ භවානි යුවළය.

‘‘ඉන්දියානු පවුල්වල හු`ගක් ලේලිවරුන්ට වි`දින්න වෙන දුක් කරදර ගැන නොදන්නා කෙනෙක් නෑ.. එහෙම බලනකොට දීපිකා වාසනාවන්තයි තමයි..’’ එසේ පැවසුවේ දීපිකා ගේ සගයෙකි.

රන්වීර් ගේ ආච්චිත් සීයාත් කරච්චි සිට මුම්බායිවලට ආවේ ඉන්දියාවත් පකිස්ථානයත් බෙදා වෙන් කළාට පසුවය. ඉනික්බිතිව ඔවුන් ගේ ගම මුම්බායි වූයේය. ඔහුගේ අක්කා රීතිකා භවානිය.

‘‘භවානි කියන නම දිගයි.. ඒ වගේම බරපතල වැඩියි.. ඒ හින්දා තමයි මම සිං වාසගම භාවිතා කරන්න පටන් ගත්තෙ..’’

රන්වීර් කියන්නේය.

ඔහු ර`ග පෑ සිම්බා චිත‍්‍රපටිය මේ වන විට ආදායම් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වෙමින් පවතියි. එය පළමු දිනයේම ලද ආදායම කෝටි 20 ඉක්මවා තිබේ. දීපිකා මී ළ`ගට දකින්නට ලැබෙන්නේ මේගන් ගුල්සාර්ගේ චාපාක් චිත‍්‍රපටියෙනි.

 

2019-01-07-ent-125