දීපිකාගෙන් වෙන්වුණ ප්‍රියංකා ආලියාට ළං වෙලා
පසුගිය වසරේදී පැවැති ‘අයිෆා’ සිනමා සම්මාන උලෙළේදී විරසකවූ දිපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා මේ වනවිට අමනාපයෙන් පසුවෙන බව කාටත් නොරහසක්. මොවුන් දෙදෙනාගේ අමනාපයට මුල්ව ඇත්තේ ප්‍රියංකා මෙන්ම දිපීකාද හොලිවුඩයට සම්බන්ධ වීමයි.
කෙසේ වෙතත්, පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී ප්‍රියංකා චොප්රා එම සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටයේ කළ රංගන උදෙසා සම්මාන දිනාගත් ආලියා භාට් සමගින් ඉතා සුහදව එකට ළංව සිටිනු අයුරක් දැක ගැනීමට හැකිවුණා. එය දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ ප්‍රියංකා සහ ආලියා හොඳ සමිප මිතුරියන් බවට පත්ව සිටින බවයි.