දීපිකා - රන්වීර් විවාහය ළඟදීම..?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-16-ent-67

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං පෙම්වතුන් වී සෑහෙන කාලයකි. ඔවුන් දෙදෙනා එකිනෙකාට පෙම් බදින්නට පටන් ගෙන තිබුණේ ගෝලියෝන් කි රාස්ලීලා රාම්ලීලා චිත‍්‍රපටියේ රග පාද්දීය. එහෙත් මේ වන තුරුම ඔවුන් සිය විවාහ මංගල්‍යය පිළිබදව නිල වශයෙන් මාධ්‍යවලට දැනුම් දී තිබුණේ නැත. දීපිකා බිරිද කර ගන්නට හා පවුල් ජීවිතයක් ගත කරන්නට තමා තුළ ඇති ආශාව ගැන නම් ඔහු වරින්වර කතා කර තිබිණි.2018-10-16-ent-68

ඔක්තෝබර් 17 දාට යෙදුණ නවරාති‍්‍ර දින ඔවුහු දෙදෙනා සිය විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ නොවැම්බර් 19 දා ඉතාලියේදී බවට ඉගි කළහ. සමහරු හැම තොරතුරක්ම මාධ්‍ය සමග බෙදාහදා ගත්තත් දීපිකා සහ රන්වීර් එසේ කළේ නැත.

‘‘මේ දවස වෙනස් වෙන්නත් ඉඩ තියෙනව ද..?’’

යනුවෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයටවත් ඔවුන් පිළිතුරු දුන්නේ නැත.

එහෙත් එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු අනුව මේ වන විට ඔවුහු මංගල උත්සවය සැලසුම් සකස් කරමින් සිටිති. විවාහයට දින දහයකට කලින් මනාලයා සහ මනාලිය සහභාගි කරවාගෙන පැවැත්වෙන නන්දිපූජා නම් වන උත්සවය සදහා දීපිකා සහ රන්වීර් බැංගලෝරයට යාමට නියමිතය. දීපිකා ගේ අම්මා උජ්ජලා පදුකෝන් මේ වන විටත් එම පූජාව සදහා කෝවිලක් වෙන් කරගෙන ඇති අතර විශේෂ අමුත්තන් කිහිප දෙනෙකුට ද ආරාධනා කර තිබේ.

රන්වීර් රගපාන සිම්බා චිත‍්‍රපටිය දෙසැම්බර් මාසයේදීත් ගලීබෝයි චිත‍්‍රපටිය 2019 ජනවාරි මාසයේදීත් තිරගත වෙන්නට නියමිතය. පද්මාවත් චිත‍්‍රපටියෙන් පසුව දීපිකා අලූත් චිත‍්‍රපටියකට ගිවිසුම් අත්සන් කර නැත.

 

චන්දි කොඩිකාර