දීපිකා පදුකෝන් හොලිවුඩ් රැගෙන ගිය xXx: Return of Xander Cage



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170118xXx-1v‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් වූ ‘ඩොමිනික් ටොරෙටෝ’ චරිතයට පණපොවන සුප්‍රකට ඇමෙරිකානු රංගනශිල්පී ‘වින් ඩීසෙල්’ රංගනයෙන් දායක වන ‘xXx: Return of Xander Cage’  සිනමාපටය හෙට දිනයේ සිට එනම් ජනවාරි 20 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතව ඇත.  මෙහි තවත් විශේෂත්වයක් වන්නේ බොලිවුඩයේ සුපිරි නිළියක වන ‘දීපිකා පදුකෝන්’ ද මෙහි රංගනයෙන් දායක වීමයි.

ඇමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයක් ලෙස හොලිවුඩයට එක්වන ‘xXx: Return of Xander Cage’ සිනමාපටය ‘ඩී.ජේ කරුසෝ’ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවක් වන අතර, එහි තිර රචනය ‘එෆ්. ස්කොට් ෆ්‍රසියර්’ විසිනි. මෙහි රංගනයෙන් වින් ඩීසෙල්, ඩොනී යෙන්, දීපිකා පදුකෝනී, ක්‍රිස් වූ, රූබි රෝස්, ටෝනි ජා, නීනා ඩොබ්රේව්, ටෝනි කලෙට් සහ සැමුවෙල් එල්. ජැක්සන් දායක වෙති. මෙම සිනමාපටය ‘xXx’ සිනමාපට මාලාවේ xXx (2002) සහ xXx: State of the Union (2005) ට පසුව එන තෙවැනි සිනමා නිර්මාණය ලෙස තිරගත වීමට නියමිතය. නමුත් පෙර චිත්‍රපට ද්විත්වයම ‘කොළොම්බියා පික්චර්ස්’ සමාගම විසින් බෙදාහැරීම් සිදු කළ අතර, මෙහි බෙදාහැරීම් කටයුතු ‘පැරමවුන්ට් පික්චර්ස්’ සමාගම විසින් සිදු කිරීමද සුවිශේෂත්වයකි.

දැඩි දේහදාරී, කිසිවෙකුට බිය නැති ‘Xander Cage (වින් ඩීසල්)’, හමුදාමය චන්ද්‍රිකා පාලනය කළ හැකි විනාශකාරී ප්‍රබල අවියක් වන ‘පැන්ඩොරා බොක්ස්’ සොයා යාමට යොදාගනී. මේසඳහා ත්‍රාසයට ප්‍රිය කරන්නන් පිරිසක් මේ සඳහා බඳවා ගනී. මොවුන්ගේ මෙම ත්‍රාසජනක ක්‍රියාදාම අත්දැකීම ඔස්සේ දිවෙන මෙම සිනමා පටය ක්‍රියාදාම සිනමාපට නැරඹීමේ කැමැත්තක් දක්වන්නන්ට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බසින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටය මිනිත්තු 107 ක පමණ කාල පරාසයක් ඔස්සේ දිවයයි.

දීපිකාගේ කුළුඳුල් හොලිවුඩ් නිර්මාණයද මෙය වන අතර, ඇයගේ ඉල්ලීම මත 2017 ජනවාරි 05 වැනිදා මෙක්සිකෝ නගරයේ පැවැති මංගල දර්ශනයෙන් අනතුරුව ජනවාරි 14 වැනිදා ඉන්දියාවේද මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ බවද වාර්තා වෙයි. කෙසේ නමුත් ඇමෙරිකාව අතුළු රටවල් බොහෝමයක හෙට දිනයේ සිට තිරගත වීම ආරම්භ වීමට නියමිත මෙම සිනමාපටය සිනමාශාලා 3,000ක පමණ තිරගත කිරීමට නියමිත අතර, මෙහි නිර්මාණකරුවන් තිරගතවීම ආරම්භ වූ පළමු සතිය අවසානයේදීම ඇ.ඩො. මිලියන 16-20 අතර ආදායමක් බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසෙයි. කෙසේ නමුත් ‘xXx: Return of Xander Cage’ තිරගත වීම ආරම්භ වන දිනයේදීම හොලිවුඩයේ තවත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ ද්විත්වයක් වන ‘Spilt’සහ ‘The Founder’ සිනමාපටද තිරගත කෙරෙන හෙයින් එම බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉටුවෙයිද? නැද්ද? යන්න පිළිබඳ තවමත් කුතුහලයක් පවතියි.

අනුෂි දන්තනාරායන