දීපිකා ඉන්දියානුවෙක් නොවීම ප්‍රශ්නයක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනි දීපිකා පදුකෝන් පසුගිය දිනවලදී ලෝකය පුරාම පුවත් මවන්නියක් බවට පත්ව තිබුණා. ඒ ඇය රඟපෑ “පද්මාවත්” සිනමාපටය හේතුවෙන්. දීපිකා පිළිබඳව මේ දිනවලත් ඉන්දියාව තුළ තවත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ දීපිකා පදුකෝන්ගේ පුරවැසිභාවය පිළිබඳවයි.

දීපිකා ඉපදී තිබෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේයි. නමුත් දීපිකාට වයස අවුරද්දක් පිරෙනවාත් සමඟ ඇය සිය දෙමාපියන් සමඟ ඉන්දියාවට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් මෑතකදී පළවූ අලුත් ම පුවතකින් වාර්තා වන්නේ ඩෙන්මාර්කයේ උපන් නිසා තවමත් දීපිකා සතුව ඇත්තේ එරටින් නිකුත් කළ ගමන් බලපත්‍රයක් බවයි. නමුත් පසුව සිය ගමන් බලපත්‍රය වෙනස් කර ඉන්දියානු පුරවැසියකු ලෙස එය සකස් කර ගත් බව ඇයගේ සමීපතමයන් පවසනවා.

2018-05-03-dipika-3 2018-05-03-dipika-2 2018-05-03-dipika-1'