දීපිකා අම්මා කෙනෙක්..?
යුවතියක් විවාහ වන තුරුම ඒ පිළිබ`දව විමසිලිමත් වන අයට ඉනික්බිතිව දැන ගන්නට වුවමනා වන්නේ ඇය මවක් වෙන දවසය. ජනපි‍්‍රය කාන්තාවන් දෙස මුළු ලෝකයේම ඇස් යොමු වී පවතින්නේය. ඇතැම් විට ඔවුන්ට පීඩාවක් වෙන තරමටම ඒ ගැන විමසිලිමත් වෙන්නේ ඔවුන්ගේ අලූත් තොරතුරු දැන ගන්නට ඇති කැමැත්ත නිසාමය.
දීප්වීර් යන සුරතල් නමින් බොලිවුඩයේත්, රසිකයන් අතරත් ජනපි‍්‍රය දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං අතර විවාහය සිදු වූ දිනවල පටන්ම ඔවුන් මව්පියන් වෙන තුරු ඔවුන්ගේ නෑහිතවතුන්ටත් වඩා උනන්දුවෙන් බලා සිටියේ රසිකයන්ය. ඒ පුවත තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වී නැතත් ඔවුන් දෙදෙනා යම් යම් ඉ`ගි පල කර තිබේ.
රන්වීර් බොලිවුඞ් සිට සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ සිය රසිකයන් සම`ග සජීවී පිළිස`දරක යෙදුණේය. එම පිළිස`දරට එක් වූ දීපිකා, රන්වීර්ට පණිවිඩයක් යවා තිබුණේ ‘‘හායි ඩැඞී..’’ යනුවෙනි.
එයට පිළිතුරු වශයෙන් රන්වීර් සිනාසෙන ඉමෝජියක් සහ බබෙකුගේ පින්තූරයක් සිහිතව ‘‘හායි බේබි’’ යනුවෙන් පිළිතුරු එවා තිබිණි.
සමාජ ජාලා වෙබ් අඩවියක පළව තිබූ, රන්වීර් සහ දීපිකා එකිනෙකාට සමීපව ගත් ඡුායාරූපයක දීපිකා සේලයකින් සිරුර ආවරණය කරගෙන සිටියේ සිය ගැබිණි බව වසන් කරන්නට බැව් රසිකයෝ කියති. එහෙත් තවමත් ඔවුන් දෙදෙනා ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.