දිවි නසා ගැනීමක් ද, මිනී මැරුමක් ද..?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-63

සුශාන්ත් සිං රාජ්පුත් ගේ ආන්දෝලනාත්මක මරණය පිළිබඳ විමර්ශන කටයුතු තවමත් සිදු වෙමින් පවතින්නේය. එහෙත් මේ වන විට ඔහුගේ කතාව පදනම් කරගෙන චිත්‍රපටි නිර්මාණය කරන්නටත් නිෂ්පාදකයෝ පෙළඹී සිටිති.

රාජ්පුත්ගේ පෙනුමට සමාන පෙනුමක් ඇති සචින් තිවාරි නම් ටික්ටොක් නළුවා ප්‍රධාන චරිතය රඟ පාන ‘සුයිසයිඞ් ඕර් මර්ඩර්’ දැනටමත් ආරම්භ කර තිබේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ ශමික් මවුලික්ය. රාජ්පුත්ට සමාන පෙනුමක් ඇති නිසා සචින්ට මේ වන විටත් රසික රැල්ලක් නිර්මාණය වී තිබේ.

තමා රාජ්පුත්ගේ හොඳ රසිකයෙකු බැව් සචින් කියන්නේය. ඔහු රාජ්පුත් රඟ පෑ හැම චිත්‍රපටියක්ම උනන්දුවෙන් නරඹා ඇති අතර ඒවායේ ජනප්‍රිය වූ ගීතවලට අනුව නර්තනයේ යෙදෙන වීඩියෝ අන්තර්ජාලයට ද මුදා හැර තිබේ.

“මේක රාජ්පුත්ගෙ ජීවිත කතාව නෙමෙයි.. ඔහුගේ අවාසනාවන්ත මරණය පදනම් කරගෙන නිෂ්පාදනය වෙන ප්‍රබන්ධ කතාවක්.. 2021 ජනවාරි මාසේ අන්තිමට චිත්‍රපටිය තිරගත කරන්න දැනට අපි තීරණය කරගෙන ඉන්නවා..” ශමික් මවුලික් කියයි.

රාජ්පුත් ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය මේ වන විට පුද්ගලයන් 35 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඔවුන්ගේ අවධානය වඩාත් යොමු වී තිබෙන්නේ සුශාන්ත් ගේ පෙම්වතිය වී සිටි රී චක්‍රබෝර්ති කෙරෙහිය. ඇගේ දුරකථනයේ තිබූ ඔවුන්ගේ ඡායාරූප, වීඩියෝ ආදිය පොලීසිය පරීක්ෂා කර ඇත.

“අපි මේ අවුරුද්දෙ අන්තිමට විවාහ වෙන්න තීරණය කරගෙන හිටියෙ.. ඒත් අපි දෙන්නා අතරේ ගැටුම් ඇති වෙන්න පටන් ගත්ත හින්දා මම ඔහුගෙ ගෙදරින් පිට වෙලා ගියා.. ඒත් අපි දෙන්නා තොරතුරු හුවමාරු කර ගන්න එක නතර කළේ නෑ..” ඇගේ කට උත්තරයේ එසේ ද සඳහන් වී තිබිණි.