දිව්‍යන්කා ත්‍රිපාටි හදිසි අනතුරකින් මියගිහිල්ලා?
රසික ජනතාවගේ ආදරය දිනාගත් සුරූපී ටෙලි නිළියක වන දිව්‍යන්කා ත්‍රිපාටි හදිසියේ මිය ගිය පුවතක් පසුගිය දිනවල අන්තර්ජාලයේ පැතිරී ගියේ ඉමහත් වේගයකිනි. දුරකථන පණිවුඩයක් ඔස්සේ පැතිරුණු මේ පුවතෙහි දැක්වුණේ අධිවේගී මාර්ගයක ධාවනය වූ දිව්‍යා ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක්වී ඇයට බරපතළ තුවාල සිදු වූ බවයි. ඉන්පසු ඇයව රෝහලට ගෙන යන අතරතුරදී මිය ගිය බවයි එහි සඳහන්කර තිබුණේ.
මේ පුවත දුටු ඇගේ රසික රසිකාවියන් මෙන්ම හිතවතුන්ද දිගින් දිගටම විමසීම් සිදුකළ බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. තත්ත්වයේ ඇති බැරෑරුම්කම වටහා ගත් දිව්‍යන්කා මේ පිළිබඳ තම සමාජ ජාල ඔස්සේ පැහැදිලි කර තිබුණි. එහිදී ඇය සඳහන්කර තිබුණේ බොරු ආරංචි පතුරුවා තම ඥාතීන් සහ හිතවතුන් අපහසුතාවට පත් නොකරන ලෙසයි. මෙහි සත්‍ය සිදුවීම ඇය පැහැදිලි කර තිබුණු අතර, එහිදී ඇය පවසා තිබුණේ තමන්ගේ හිතවත් දකුණු ඉන්දීය නිළියක් වන රාචනා අනතුරට ලක් වූ බවයි. ඇය ඇයගේ හිතවත් රංගන ශිල්පිනියක වන රාචනා සමග අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී අනතුරට ලක්වූ බවත්, එහිදී රාචනාගේ ඡායාරූප වෙනුවට තමන්ගේ ඡායාරූපයක් සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වී ඇති බවත් දිව්‍යන්කා පැවසීය.