'දිව්‍යංකා' එක්ක හැලොවින් සමරපු කට්ටිය
පසුගියදාට යෙදී තිබුණ ‘හැලොවින්’ දිනය සමරන්නට එක්වූ ටෙලි නාට්‍යය නළුනිළියන් පිරිසක ඡායාරූප රැසක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබුණි. මේ නළුනිළියන් අතර ශ්‍රී ලංකාවේ මේ වනවිට වඩාත් ජනප්‍රියව ඇති ‘මේ ආදරයයි’ ඉන්දීය ටෙලි නාට්‍යයේ නළුනිළියන් පිරිසක්ද එක්ව සිටියහ. ‘යේ හේ මොහාබතින්’ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන එක්තා කපූර් මෙම ‘හැලෙවින්’ දිනය සමරන්නට හංගේරියාවේ බුඩාෆස්ට් නගරයේදී මෙම ප්‍රිය සම්භාෂණ උත්සවය සංවිධානය කර තිබුණ බව සඳහන් වේ. දිව්‍යංකා සමගින් ඇයගේ සැමියා වූ විවේක් දහයියා, අනිතා, සංග්රාම් සිං, නීනා කුල්කර්ණි ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වි සිටියහ.