දිව්‍යංකා අලුත් ටෙලි නාට්‍යයක
ඉන්දියාවේ විකාශය අවසන් වූවද ශ්‍රී ලංකාවේ තවමත් විකාශය වෙන ‘මේ ආදරයයි’ ඉන්දී්‍ය ටෙලි නාට්‍යයේ ‘ඉෂිතා’ නම් ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ දිව්යාංකා ත්‍රිපාටි මේ දිනවල සිය අලුත්ම ටෙලි නාට්‍ය රංගන සඳහා අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
දිව්‍යංකා මෙසේ සම්බන්ධ වී ඇති අලුත් උතුරු ඉන්දීය ටෙලි නාට්‍යයද නිෂ්පාදනය කරන්නේ ‘යේ හේ මොහාබති’ (මේ ආදරයයි) ටෙලි නාට්‍යය නිෂ්පාදනය කළ බලාජි ටෙලි ෆිලිම්ස් සමාගම වෙනුවෙන් එක්තා කපූර් බව වාර්තා වේ. මෙම උතුරු ඉන්දිය ටෙලි නාට්‍යය වසර තුනක කාලයක් විකාශය වීමට නියමිතව තිබේ.