දිලිප් කුමාර්ගේ 51 වැනි සංවත්සරය
හින්දි සිනමා නළු දිලිප් කුමාර් හා ඔහුගේ බිරිඳ සයිරා භානුගේ 51 වැනි විවාහ සංවත්සරය පසුගිය සති අන්තයට යෙදී තිබුණා. මීට සති කිහිපයකට පෙර තරමක් අසනීප තත්ත්වයේ පසුවූ දිලිප් කුමාර් මෙම සංවත්සර උත්සවයට පූර්ණ සුවයකින් සහභාගී වූ බව සඳහන් වෙනවා.
මෙම විවාහ සංවත්සර උත්සවය මුම්බායිහි දිලිප් කුමාර්ට අයත් ‘පාලි’ නිවාස සංකීර්ණයේදී පැවැත්වුණා. මේ සඳහා දිලිප් කුමාර් හා සාරා භානු දෙදෙනාගේ පවුලවල ඥාතින් පමණක් සහභාගී වූ අතර, කිසිදු සිනමා මිතුරෙකුට දිලිප් ආරාධනා නොකර තිබුණ බව සඳහන්. එහෙත්, ෂාරුක් ඛාන් ඇතුළු කිහිප දෙනෙකු කෙටි පණිවිඩ මගින් දිලිප්ට හා සාරාට සිය සුබපැතුම් එක්කර තිබුණා.