දිල්ලි සිනමා ශාලාවලට පොලිස් ආරක්ෂාව
ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව ඇති සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටය වෙත මේ වනවිට ලොවපුරා බොහෝ බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ අවධානය යොමුව ඇත.
අන්තර්ජාල වෙබ් අඩවි සඳහන් කර සිටින්නේ, දිල්ලි නගරයේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන සිනමා ශාලා 37ක් සඳහා දිල්ලි පොලීසියේ පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදා ඇති බවය. එයට හේතුව නම් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අකමැත්ත පළකර ඇති අන්තවාදීන් දිල්ලි නගරයේ ඇති සිනමා ශාලා සඳහා මෙන්ම එම චිත්‍රපටය නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට යම් පහරදීමක් හෝ යම් බලපෑමක් ඇති කරනු ඇතැයි යන්න තොරතුරු ලැබී තිබිම හේතුවෙනි.
මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන දින ආක්ෂේ කුමාර් හා සෝනම් කපූර් රංගනයෙන් දායක වන ‘පැඩ් මෑන්’ චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ ‘පද්මාවතී’ චිත්‍රපටය සඳහා එල්ල වී ඇති බලපෑම් මත ‘පෑඩ් මෑන්’ චිත්‍රපටයට යම් වාසියක් මතුව තිබෙන බවය.