‘දිල් චතාහේ’ දෙවැන්නක් නිර්මාණය කරන්නට සැරසේ
ෆර්හාන් අක්තාර් විසින් 2001 වසරේ නිර්මාණය කළ ‘දිල් චතාහේ’ චිත්රපටයේ දෙවැන්නකි නිර්මාණය කරන්නට මේ වනවිට ෆර්හාන් සැලසුම් කරමින් සිටින බව සඳහන් වේ. මෙම අදහස ෆර්හාන්ට ලබා දී ඇත්තේ ‘දිල් චතාහේ’ පළමු වැන්නේ රඟපෑ ආක්ෂය ඛන්නාය.
ආක්ෂයා ඛන්නා, ප්රිටි සින්ටා, අමිර් ඛාන්, ඩිම්පල් කපාඩියා, සායිෆ් අලි ඛාන්, සොනලි කුල්කර්ණි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූ අතර, සම්මාන රැසක්ද දිනා ගැනීමට මෙම චිත්රපටය සමත් විය. ආදායම් උපයාගැනීම අතින්ද අතිශය සාර්ථක වූ මෙම චිත්රපටය පිළිබඳව වසර 18කට පසුව බොලිවුඩයේ කතා බහක් ඇතිවීම විශේෂත්වයක් බව සිනමා විචාරකයන් පවසයි.