දියණියගේ පෙම නිසා ෂාරුක් ඛාන් කනස්සල්ලෙන්
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් මේ දිනවල සමාජ මාධ්‍යවල නිතරම කතාබහට ලක්වෙන චරිතයකි. ඒ ඇය විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල වල ඇලී ගැලී සිටින අයෙකු නිසා බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. මේ හේතුවෙන් ඇයගේ ඡායාරූප පිළිබඳව බොහෝදෙනා විමසිලිමත්ව සිටින බවද පැවසේ. සුන්දර රූ සපුවකට හිමිකම් කියන ජාන්වී මේ වන විට පෙම්වතියක් බවයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී ඇයගේ පෙම්වතා ලෙස හඳුන්වා දී තිබෙන්නේ ඇයගේ කුඩා කාලයේ මිතුරා වන අහාන් පාන්ඩේය. කෙසේවෙතත් බොලිවුඩය පුරා පැතිර යන මේ පෙම් පුවත සම්බන්ධයෙන් ෂාරුක් ඛාන් එතරම් කැමැත්තක් නොදක්වන බවද වාර්තා වේ. මෙම කාරණාවේ ඇත්ත නැත්ත කෙසේවුවද මොවුන් දෙදෙනා කාලය ගත කරන්නේ පෙම්වතුන් ලෙස බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.