දිපීකාට කෝටි 13ක් ගෙවලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-21-ent-02

මේ දිනවල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ප්‍රදර්ශනය වන සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය නිරූපණය කරන දිපීකා පදුකෝන්ට එහි රඟපෑමට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් ගෙවූ බව සඳහන් වේ. ඇයට අමතරව ෂාහිඩ් කපූර්ට ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක්ද, රන්වීර් සිංට ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලක්ද චිත්‍රපට නිෂ්පාදක සංජය ලීලා බන්සාලි විසින් ගෙවා ඇති බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ සෙසු සහය චරිත නිරූපණය කළ ආදි රාඕට ලක්ෂ 90ක මුදලක්ද ජිම් සාරබ්ට ඉන්දීය රුපියල් ලක්ෂ 80ක මුදලක්ද, රාසා මුදාඩ්ට ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලක්ද, අනුප්‍රියා ගොයින්කාට ඉන්දීය රුපියල් ලක්ෂ 70 මුදලක්ද ගෙවු බව සඳහන් වේ. දිපීකා මෑතක කාලයේ චිත්‍රපට රංගනයක් සඳහා අය කළ ඉහළම මුදල මෙය වේ.