දිපීකාට ‘ඇසිඩ්’ ප්‍රහාරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-898

සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනි වසර දෙකකට පසුව සිය සිනමා රසික පිරිස් මුණගැසෙන ඇයගේ අලුත්ම චිත්‍රපටය වන ‘චාපාක්’ එළඹෙන ජනවාරි 10 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹිමට නියමිතය.

‘ඇසිඩ් ප්‍රහාරයක් නිසාවෙන් බොහෝ දෙනෙකුගේ අනුකම්පාවට ලක්වූ ‘ලක්ෂ්මි අග්‍රවාල්’ නමැති සුරූපී තරුණියගේ ජීවිත කතාව අළලා මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ. දිපීකා සමගින් වික්‍රාන්ත් මෙසී, දේවාස් ඩික්සිත්, රෝහිත් සුක්වාමි, මධුර්ජිත් සුගාල් මෙහි සෙසු චරිත සඳහා එක්ව සිටියහ. එමෙන්ම මෙම චිත්‍රපටය පාදක වූ ලක්ෂ්මි අග්‍රවාල්ද චිත්‍රපටයේ ආරාධිත රංගනයකට එක්ව තිබීම විශේෂත්වයකි. මෙග්නා ගුල්සාර්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය දිපීකා පදුකෝන් හා චිත්‍රපට අධ්‍යක්ෂිකා මෙග්නාගේ නිෂ්පාදනයක් වෙයි. මෙම චිත්‍රපටය විනාඩි 120ක් පුරා දිග හැරේ.