දිපීකාගේ විවාහයට දින නියම වෙයි
බොලිවුඩයේ අංක එකේ නිළිය ලෙස වර්තමානයේ හඳුන්වන දිපීකා පදුකෝනිගේ විවාහයමේ වසරේ නොවැම්බර් 19 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේදී සිදු කිරීමට නියමිතව ඇත. පසුගියදා ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය හරහා දිපීකා මෙසේ ඇයගේ විවාහය නොවැම්බර් 19 වැනිදා පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබේ.
දිපීකාගේ අතගනු ලබන්නේ බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්වීර් සිංය. දිපීකා මෙන්ම රන්වීර්ද තමන් භාරගත් වැඩ මේ වනවිට ළහි ළහියේ නිමා කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
රන්වීර් මාධ්‍යයට පවසා ඇත්තේ තම විවාහයත් සමගින් කෙටි කාලයක් සිනමාවෙන් ඈත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවය.