දිපීකාගේ මිලියන 50ක රසික පිරිසක්..
බොලිවුඩයේ අංක එකේ සුපිරි නිළිය බවට වර්තමානයේ පත්ව ඇති දිපීකා පදුකෝනිගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට රසික, රසිකාවියෝ මිලියන 50ක පිරිසක් පසුගියදා එක්වූ බව වාර්තා වේ. එය බොලිවුඩ් සිනමා නිළියකට ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමක් තුළ එක්වූ ඉහළම රසික පිරිස බව වාර්තා වේ.
නිශ්චිතව දත්ත සටහන් නොවුණද එය දකුණු ආසියාවේ ජනප්‍රිය කලාකාරිණියකගේ සමාජජාලා ගිණුමකට එකතු වු ඉහළම රසික පිරිස බවද වාර්තා වේ. දිපීකාගේ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති අතර, ඇය අවසන් වරට පෙනී සිටියේ ‘පද්මාවත්’ චිත්‍රපටයයි.