දිපීකාගේ 'ට්විටර්' ගිණුම
2007 වසරේ ‘ඕම් ශාන්ති ඕම්‘ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි දිපීකා පදුකෝනි වර්තමානයෙ වනවිට බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළිය බවට පත්ව සිටියි. පසුගිය සති අන්තය වනවිට ඇයගේ ‘ට්විටර්‘ ගිණුමේ පාඨක ප්‍රමාණයද මිලියන 20කට අධික වූ බව සඳහන් වෙනවා.
මේ සමග ඇය ආසියාවේ වැඩිම ‘ට්විටර්‘ රසික පිරිසක් සිටින ජනප්‍රියතම කාන්තාව බවට පත්ව සිටියි. මීට පෙර හොංකොං ගීත ගායකාවක් මෙම ස්ථානයේ රැඳී සිටි අතර, ඇයට වර්තමානය වනවිට හිමිව ඇත්තේ තුන්වැනි තැනය. බොලිවුඩ් සිනමා නිළියන් වූ ප්‍රියංකා චොප්රා, සොනක්ෂි සින්හා, සෝනම් කපූර් දිපීකාට පසුපසින් මෙම ලැයිස්තුවේ සිටියි.