දිපීකාගේ අවස්ථාව අනුෂ්කාට ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-1284

1992 වසරේදී ප්‍රදර්ශනය වුණ ‘සාත් පේ සාත්’ චිත්‍රපටයේ අනු නිර්මාණයක් ඉදිරියේදී නිර්මාණය කරන්නට ෆාරා ඛාන් හා රෝහිත් ෂෙට්ටි සැළසුම් කරමින් සිටියි. වාර්තා වන අන්දමට 1992 වසරේ අමිතාබ් බච්චන් රඟපෑ ‘රවී’ හා ‘බාබු’ යන ද්විත්ව චරිත රිතික් රෝෂන් නිරූපණය කරන බවයි.

හේමා මාලනි නිරූපණය කළ ‘රාදු’ චරිතය ලැබී ඇත්තේ සුපිරි නිළි අනුෂ්කා ෂර්මාටය. කෙසේ වෙතත්, මෙම චරිතයට මුලින් තෝරා ගෙන තිබුණේ දිපීකා පදුකෝන් වන අතර, ඇය පෞද්ගලික හේතුවක් මත මෙම චිත්‍රපටයෙන් ඉවත්ව ඇත. කෙසේ වෙතත්, රිතීක් හා අනුෂ්කා බොලිවුඩ් චිත්‍රපටයක පෙම්වතුන් ලෙස එක්වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.