දිපීකා හා රන්වීර්ගේ විවාහය නොවැම්බර්යේදී
ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක් වන දිපීකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේ විවාහය මේ වසරේ නොවැම්බර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔවුන් දෙදෙනා විවාහ වෙන බවට තොරතු පළ වුවද ඒවා මතවලට පමණක් සීමා විය. කෙසේ වෙතත්, මේ වනවිට රන්වීර් මෙන්ම දිපීකාද සිය විවාහය නොවැම්බරයේදී සිදුවන බවට පවසා තිබේ.
සෝනම් කපූර්ගේ විවාහය සිදුවීමත් සමග බොලිවුඩ් තරු කිහිපයක්ම සිය විවාහය මේ වසරේ සිදුවන බවට ඉඟිපළ කර ඇති අතර, ඒ අතර දිපීකා, රන්වීර් පමණක් නොව වරූන්, සිද්ධාර්ත්, ආලියාද සිටින බවට තොරතුරු ලැබේ.