දිපීකා, රන්බීර් තවත් චිත්‍රපටයක
හිටපු පෙම්වතුන් යුවළක් වු දිපීකා පදුකෝන් හා රන්බීර් කපූර් පෙනී සිටින තවත් චිත්‍රපටයක් මේ දිනවල නිර්මාණය කරන්නට සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙනවා. ‘බච්නා ඒ හසීනා’ හා ‘යේ ජවානි හේ දිවානි’ චිත්‍රපටවල රඟපෑ ඔවුන් දෙදෙනා මිළඟ පෙනී සිටින්නේ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වු ඉම්ටියාස් අලී අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් සඳහා බව සඳහන්.
පසුගිය කාලයේ එකිනෙකාගේ මුහුණවත් නොබැලූ දීපිකා හා රන්බීර් මෙසේ අලුත් චිත්‍රපටයක් සඳහා නැවතත් සම්බන්ධ වීම බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන ආරංචියක් වූවා.