දිපිකාගේ රසිකයින්ගෙන් විරෝධයක්
මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස සම්මාන නොලැබීම හරහා දිපීකා පදුකෝනිට හිතවත් රසික පිරිස් සමාජ මාධ්‍යයන් ඔස්සේ සිය විරෝදය පා ඇත. හොඳම නිළිය සම්මාන දිනාගත් ආලියා භාට් ‘රාශි’ චිත්‍රපටයේ කළ රඟපෑමට වඩා දිපීකා ‘පද්මාවත්’ චිත්‍රපටයේ කළ රංගනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව දිපීකාගේ රසිකයන්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත්, දිපීකා සිය ‘ටිවිටර්’ ගිණුම ඔස්සේ රසිකයන් දැනුම්වත් කර ඇත්තේ තමා හොඳම නිළිය ලෙස නිර්දේශ වීමද එක්තරා භාග්‍යයක් වී ඇති බවය. කෙසේ වෙතත්, හොඳම නිළිය නොවීම පිළිබඳව තමන් තුළ කණගාටුවක් ඇති බවද ඇය සිය ‘ටිවිටර්’ සටහනට එක්කොට තිබේ.