දිපිකාගේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 93.5ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1577

බොලිවුඩයේ සාර්ථකම නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝන් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 93.5ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. කෙසේ වෙතත්, ඇය පසුගිය වසරේදී කිසිදු චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක නොවුණ අතර, ඇය මේ දිනවල පෙනී සිටින ‘චාපාක්’ චිත්‍රපටයට පෙර අවසන් වරට පෙනී සිටියේ බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයේය.

නිළියන්ගෙන් දිපීකා පෙරමුණ ගනිද්දි නළුවන්ගෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ ආක්ෂේ කුමාර්ය. දෙවැනි තැන සල්මාන්ටත්, තුන්වැනි තැන අමිර් ඛාන්ටත් හිමිව ඇත. බොලිවුඩයේ රජුන් ලෙස සැළකොන ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන අතර නොවීම කාගෙත් අවධානය යොමු වු කාරණයක් විය.