දිපිකා ‘චාපක්’ සඳහා සූදානම් වෙයි
බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය වන දිපීකා පදුකෝන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සඳහා සූදානම් වෙයි. ඒ මෙග්නා ගුල්සාර්ගේ ‘චාපක්’ චිත්‍රපටය සඳහාය. මෙහි රූපගත කිරිම් කටයුතු එළැමෙන අප්‍රේල් මාසයේදී සිදුවීමට නියමිතව ඇත. ‘චාපක්’ දිපිකා ‘පද්මාවත්’ චිත්‍රපටයට පසුව රංගනයෙන් දායක වන පළමු බොලිවුඩ් චිත්‍රපටය වේ. ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලක්ෂ්මි අග්‍රවාල්ගේ ජීවිත කතාව අලලා සැකෙසන මෙම චිත්‍රපටය වෙනස්ම මුහුණුවරක් ගනු චිත්‍රපටයක් වනු ඇතැයි බොහෝ දෙනා පවසන්නීය. මෙම චිත්‍රපටය වෙනුවෙන් දිපීකා ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවන් කිහිප දෙනෙකු මුණ ගැසුණ අතර, ඔවුන් ලද අත්දැකිම්ද මෙම චිත්‍රපටයට එකතු කර ගැනීමට ඇය බලාපොරොත්තු වන බවද පවසා ඇත.