දින දෙකකදී කෝටි 25ක් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-13-ent-79

පසුගිය මැයි 10 වැනිදා තිරගත කිරීම් ආරම්භ කළ කරන් ජෝහර්ගේ ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපට දින දෙකක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 25ක ආදායමක් උපයා ගන්නට සමත්ව ඇත. චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 80ක මුදලක් වැය කර ඇති අතර, සිනමා විචාරකයන් පවසන්නේ එය මෙම චිත්‍රපටයට පහසුවෙන් උපයා ගැනීමට හැකි බවය.

ටයිගර් ෂෙරොෆ් සමගින් නවක නිළියන් ආන්යා පාණ්ඩේ හා තාරා සුතාරියා රඟන මෙහි ආලියා භාට් මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නළු විල් ස්මිත් ආරාධිත චරිත නිරූපණය කරන බවද සඳහන් වේ. 2012 වසරේ තිරගත වූ ජෝහර්ගේ ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ පළමු වැනි චිත්‍රපටය කෝටි 90ක මුදලක් උපයා ගැනීමට සමත් විය.