දින දෙකකදි කෝටි 50ක්
දකුණු ඉන්දීය සිනමා නළු අල්ලූ අර්ජුන් රංගනයෙන් දායක වූ ඔහුගේ නවතම දමිල චිත්රපටය Duvvada Jagannadham පසුගිය 23 වැනිදා තිරගත විය. තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 30ක ආදායමක් උපයාගන්නට සමත්වු මෙම චිත්රපටය දෙවැනි දිනයේදීද තවත් ඉන්දීය රුපියල් කෝටි 20ක ආදායමක් සිය ආදායම් උපයා ගැනීමට එක් කර ගැනීමට සමත් විය.
අල්ලූ අර්ජුන්ට අමතරව මෙහි පූජා හෙඩ්ජ් රංගනයෙන් දායක වන මෙය ක්රියාදාම චිත්රපටයකි. මෙය අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වූ චිත්රපටයක් තිරගත වූ පළමු දින දෙක තුළදී උපයා ගත් ඉහළම ආදායමද වන බව සඳහන් වේ.