දින දහයකින් තැනෙන කාර්තික්ගේ ධමාකා
ජනප්‍රිය යොවුන් සිනමා නළු කාර්තික් ආර්යයන් මාස අටකට පසුව නැවතත් සිය සිනමා කටයුතු සඳහා එක්ව සිටියි. කොවිඩ් වසංගතය හේතුවෙන් ඔහු පසුගිය කාලයේ චිත්‍රපට රූපගත කිරිම් කටයුතුවලින් ඈත්ව සිටියහ.
කාර්තික් මෙසේ එක්ව ඇති අලුත්ම චිත්‍රපටය වන්නේ ධමාකාය. එහි තරුණ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු චරිත නිරූපණය කරන අතර, ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස පෙනී සිටින්නේ රිතික් රෝෂන්ගේ ‘සුපර් 30’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි මුනාල් ධාකුර්ය. වාර්තා වන අන්දමට කාර්තික් මෙම චිත්‍රපටය දින දහයක් ඇතුළත රූපගත කිරිම් නිමා කරන්නට නිෂ්පාදකයින් සමග ගිවිසුමකට එළැඹ ඇති බවය.