දින තුනකින් කෝටි 580ක් උපයයි
දින තුනක් ගෙවෙද්දී ඉන්දීය රුපියල් කෝටි 580ක මුදලක් උපයා ගන්නට රාජ්මෞලීගේ ‘බාහුබලී’ දෙවැනි චිත්‍රපටය සමත්ව තිබෙන බව සඳහන් වේ. ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 180ක මුදලක් සොයා ගැනීමට මේ වනවිට සමත්ව තිබෙන මෙම චිත්‍රපටය ඉතිරි මුදල විදෙස් රටවලදී උපයාගෙන ඇතැයි වාර්තා වේ.
පළමු දිනයේදී පමණක් ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 41ක් උපයා ගන්නට සමත්ව තිබේ. එය ෂාරුක් ඛාන්ගේ ‘හැෆි නිව් ඉයර්’ චිත්‍රපටය විසින් දිනකදී උපයාගත් ඉන්දීය රුපියල් කෝටි 44ක මුදලට පමණක් දෙවැනි වේ. එහෙත්, දින දෙකක් තුළදී එහි ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 125ක් බව සඳහන් වන අතර, එය දින දෙකක් තුළදී ඉන්දීය චිත්‍රපටයක් උපයාගත් ඉහළම මුදල වේ.