දින තුනකදී මිලියන 100ක් සෙවූ ‘කැප්ටන් මාවල්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-11-ent-206

‘මාවල්’ චිත්‍රපට සමාගමේ අලුත්ම සිනමා නිර්මාණය වූ ‘කැප්ටන් මාවල්’ පසුගිය මාර්තු 08 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය විය. දින තුනක් ගෙවෙද්දි මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.

මෙය ‘මාවල්’ චිත්‍රපට සමාගමේ කෙටි කාලයක් තුළදී ඇමෙරිකානු ඩොලර් 100ක් උපයාගත් චිත්‍රපට අතළොස්සට එක් විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 153ක් වියදම් කරමින් තැනුණ මෙම චිත්‍රපටය ඉතා කෙටි කාලයකින් සිය වියදම් මුදල සොයා ගනු ඇතැයි සිනමා විචාරකයන් පවසා සිටියි. ‘ඇවෙන්ජර්ස් ද ඊන්ද ගේම්’ චිත්‍රපටයට පෙර එන ‘මාවල්’ චිත්‍රපටය ලෙසද හැඳින්වෙයි. මෙම චිත්‍රපටයේ අවසන් භාගය ‘ඇවෙන්ජර්ස් ද ඊන්ද ගේම්’ චිත්‍රපටයට සම්බන්ධ වනද සඳහන් වේ.