දින 7කදී කෝටි 200ක් උපයයි
දින 7ක් වැනි කෙටි කාලයක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 200කට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට රෝහිත් ෂෙට්ටගේ ‘ගෝල්මාල් අගේන්’ චිත්රපටය සමත්ව ඇත. ‘ගෝල්මාල්’ චිත්රපට මාලාවේ සිවුවැනි නිර්මාණය වන මෙය ‘ගෝල්මාල්’ චිත්රපට අතර වැඩිම ආදායමක් උපයාගත් චිත්රපටයද වේ. ඉන්දියාවේ පමණක් දැනට ඉන්දීය රුපියල් කෝටි 150කට වඩා වැඩි මුදලක් මෙම චිත්රපටය උපයාගෙන ඇති අතර, විදෙස් රටවලදී උපයාගෙන ඇත්තේ කෝටි 50 – 65ත් අතර ප්රමාණයකි. මෙම චිත්රපටය මේ වනවිට ලබා ඇති සාර්ථකත්වය මත ‘ගෝල්මාල්’ පස්වැනි චිත්රපටයක් නිර්මාණය කරන්නටද රෝහිත් ෂෙට්ටි තීරණය කර ඇති බව වාර්තා වේ.