දින 29කින් පසුව අභිෂේක් රෝහලෙන් ගෙදරට..
බොලිවුඩ් සිනමා නළු අභිෂේක් බච්චන් දින 29කින් පසුව රෝහලෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි. ‘කොවිඩ් 19’ රෝගය වැළඳි ඇති බවට තහවුරු වීමත් සමග ඔහු මුම්බායි හි ‘නැනාවති’ රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහු සමග සිය පියා වූ අම්තාබ් බච්චන්, බිරිඳ අයිශ්වර්යා හා දියණිය ආරාධ්‍යාද ‘කොවිඩ් 19’ වැළඳි ඇති බවට සැක කරමින් මෙම රෝහලට ඇතුළත් කරනු ලැබීය.
කෙසේ වෙතත්, මේ වනවිට වාර්තා වන්නේ අභිෂේක්ට ‘කොවිඩ් 19’ ආසාධිතයෙකු නොවන බවය. කරන ලද වෛද්‍ය පරික්ෂණවලින් ඒ බව තහවුරු වි ඇත. එහෙත්, ඔහුව එම රෝහළ තුළම නිරෝධායනය කර තිබෙන බව සඳහන් වෙයි. නමුත්, තවමත් ඔහුගේ පියා වූ අමිතාබ් එම රෝහළේ ‘කොවිඩ් 19’ රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියි.